Colombo Today Local News

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.

එම ණය මුදල මුදල් වශයෙන් නොව,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි ද වාර්තාවේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.

මේ අතර,චීනයෙන්ද ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණයත් පසුගියදා ලැබුණු අතර,වසරකින් ආපසු ගෙවීමේ පදනම මත කටාර් රාජ්‍යයෙන් ද ඇමරිකානු ඩොලර් කෝටි 50 ක ණයක් ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

Related posts

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday

රටට මිනිස්සු හදන වැඩපිළිවෙලක් අවශ්‍යයි – උපත් අදාර ලබාදෙමින් ඥානසාර හිමි පවසති

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday