Colombo Today Local News

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙරද එම ස්ථානයේ අනතුරු සිදුවී ඇති බවත් නිසි පරිදි දුම්රිය ගේට්ටු මුරකරුවන් නොමැති වීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බවත්ය.

අද උදෑසන අනුරාධපුරය සිට යාපනය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම කැබ් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ.

ඕමන්ත පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බඩල්කුඹුර ප්‍රාදේශීය සභා එජාප රැස්වීමේදී අපේක්ෂකයෝ ගුටි ඇන ගනිති

colombotoday

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

මට කොටියා කියලා ගහන එකට හරිම දුකයි

Admin

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

colombotoday

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

colombotoday

රාජ්‍ය ඇමතිනී ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

Admin