Colombo Today Local News

වනිඳු පිලිබද තීරනයක්

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

එසේම එම ආරංචි මාර්ග උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට අවශ්‍ය බවය.

මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබේ.

Related posts

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

colombotoday

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

colombotoday

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

colombotoday

රොයල් පාක් ඝාතකයාට සමාව දුන්නේ ආගමික නායකයන්ගේ ඉල්ලීම මතයි – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin