Colombo Today Local News

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් (මූල්‍ය ව්‍යාපෘතිද ඇතුළත්ව) මෙහෙයවීම සහ අධීක්ෂණය ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනය (ICTA) පවරා රාජ්‍ය තොරතුරු හා තාක්ෂණ කටයුතු මධ්‍යගතකරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙලෙස පරිගණක ගත රාජ්‍ය තොරතුරු ජාලය මධ්‍යගත කිරීම ඔස්සේ වඩාත් ජනතා හිතවාදී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම අරමුණු වී ඇත. රජයේ ඉදිරි දැක්මට අනුව ‘ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර ලෙස මෙලෙස ජාතික තොරතුරු තාක්ෂණ ආයතන වෙත සියලු රාජ්‍ය ව්‍යාපෘති හා වැඩසටහන් මධ්‍යගත කෙරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ මෙම උපදෙස් අන්තර්ගත චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන අමාත්‍ය කාර්යාල (පළාත්) ආණ්ඩුකාරවරුන්, සියලුම රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමුකර ඇතැයි ජනාධිපති කාර්යාල වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පියවර ඔස්සේ රටේ ඩිජිටල් කටයුතුවලට අදාළ ‘විද්‍යුත් ගනුදෙනු පනත’ ආදී නීතිමය තත්ත්වයන් ශක්තිමත් කර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම හා නීති විරෝධී ගනුදෙනු වැළැක්වීම ද අපේක්ෂා කෙරේ.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය ගැන චීන මුදල් අමාත්‍යවරයාගෙන් සහතිකයක්

Admin

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

colombotoday

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

colombotoday

අරගලයෙන් ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක්… හානි වුණු තණ කොළ වවන්න ලක්ෂ 47 ½ ක් යයි.

colombotoday

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

colombotoday

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

colombotoday