Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකදී ජයග්‍රහණය කරවීම සදහා සිවිල් සමාජ ක්‍රියාධරයින් ලෙස පෙනී සිටින අගමැතිවරයා විසින් මෙහෙයවන සුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ එකතුවෙන් නව සංවිධානය බිහිකර තිබෙනවා.

“අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය“ යන නමින් ගොඩනගා ඇති මෙම ව්‍යාපාරයේ පළමු මාධ්‍ය හමුව ඊයේ(27) පැවැත්විය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, බලය බෙදාහරින, සංහිදියාවට බර තබන නව ව්‍යවස්ථාවක් ජනතාවට අවශ්‍ය බවත්, දැන් කළ යුත්තේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීම බවත් ඉන්පසුව එය ජනතාවට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීම සඳහා අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය ගොඩ නගන ලද බවත් එහි කැදවුම්කරු හෙද සේවක සමන් රත්නප්‍රිය එහිදී අදහස් දක්වමින් සදහන් කළේය.

නව ව්‍යවස්ථාව සදහා මහජන සහය ලබා ගැනීම පිණිස නව ජාතික ව්‍යාපාරය මගින් රට පුරා සම්මන්ත්‍රණ, රැස්වීම්, පොස්ටර් ව්‍යාපාර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු පැවසීය. දඹර අමිල හිමි, සරත් විජේසූරිය, ගාමිනී වියන්ගොඩ, කේ.ඩබ්ලිව්. ජනරංජන අතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට සහභාගී විය.

නව ව්‍යවස්ථාව රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය නොවන බවත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හා ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන නව ව්‍යවස්තාවට ඇතුළත් නොවිය යුතු බවත් ශ්‍රීලනිපයේ සහ ජනාධිපතිවරයාගේ ස්ථාවරය වේ. නව ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කර 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ලබා දිය යුතුය යන ස්ථාවරයේ අගමැතිවරයා සිටින අතර, මේ හේතුවෙන් දෙපාර්ශවය අතර මත ගැටුමක්ද වර්ධනය වෙමින් පවතී.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබදව මහජන මතය ගොඩ නැගීම සදහා අගමැතිවරයා විසින් මෙහෙයවන ‘පුරවැසි සංවිධාන‘ නියෝජිතයන් මෙලෙස පෙරමුණට කැදවා ඇති අතර, අනෙකුත් සියළු මාතෘකා පසෙක තබා, නව ව්‍යවස්ථාව පිළිබදව පුළුල් ලෙස මහජන මතය ගොඩනගන ලෙස ඔවුන්ට උපදෙස් දී තිබේ.

නව ව්‍යස්ථාව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පොරාවද දැඩි උද්යෝගයකින් පසුවේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානම භූමිකාවක් ද්‍රවිඩ සන්ධානයට හිමිව තිබෙන අතර, ජනමත විචාරණයකදී සිංහල ජනමතය දිනා ගැනීම සදහාවූ ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් දෙමළ ඩයස්පොරාව දැවැන්ත මුදලක් ආයෝජනය කර ඇති බවද සදහන් වේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගද 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ලබා දිය යුතු බව ප්‍රකාශ කර ඇති අතර, ඒ සදහා වූ නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ජනමතය ගොඩනැගීම සදහා ‘සුදු නෙළුම්‘ වැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඉකුත් සතියේදී ප්‍රකාශ කර තිබිණි.

“අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය “ නමින් ඊයේ ඇරඹි සංවිධානයේ කටයුතු කරන ගාමිනී වියන්ගොඩ සහ රාවය කතෘ කේ.ඩබ්ලිව් ජනරංජන හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානීත්වයෙන් ක්‍රියාත්මක සංහිදියාව සදහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ද සාමාජිකයන් ලෙස කටයුතු කරයි. එම කමිටුව මගින් යුධ අපරාධ චෝදනා විමර්ෂණය සදහා විදේශීය විනිසුරුවන් සහභාගී කරගත යුතු බව නිර්දේශ ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දෙමළ ස්ත්‍රීන්ට මේ වන තුරුත් ලිංගික හිරිහැර සිදුකරන්නේ යැයි සාවද්‍ය චෝදනාව එල්ල කරේද එම කමිටුවයි.

Related posts

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට !

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අතර වූ දුරකථන සංවාදය

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday