featuredWorld

මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.

ඉස්ලාමය සහ රැඩිකල්වාදය පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමත් සමගම එල්ල වූ ප්‍රහාර හෙළා දකිමින් ඉන්දියාව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මැක්‍රොන්ට සහය පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රහාර ජාත්‍යන්තර කතිකාවේ මූලික ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමක් බවයි.

ප්‍රංශ ගුරුවරයෙකු ප්‍රසිද්ධියේ හිස ගසා දැමූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය ද හෙළා දැක ඇති අතර ඔහුගේ පවුලේ අයට සහ ප්‍රංශයේ ජනතාවට ඉන්දියාවේ ශෝකය ප්‍රකාශ කර කිසිදු හේතුවක් නිසා හෝ කිසිදු තත්වයක් යටතේ ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීමක් නොකළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයෙන් පසුව ඉන්දියාවේ ප්‍රංශ තානාපති එම්මානුවෙල් ලෙනේන් ඉන්දියාවට ස්තූතිය පළ කළේ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දෙරටටම එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව සඳහන් කරමින්ය.

Related posts

පක්ෂග්‍රාහී අල් ජසිරා කාර්යාලය ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරයකින් සමතලා කර දමයි.

colombotoday

බිල නොගෙවීම නිසා අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා දමයි

colombotoday

පාර්ලිමේන්තුවක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියි

Admin

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

colombotoday