World

බිල නොගෙවීම නිසා අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා දමයි

පාකිස්තාන අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා හැර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම කාර්යාලය දිගින් දිගටම විදුලි ගාස්තු ගෙවීම අතපසුකිරීම හේතුවෙන් පාකිස්තාන විදුලි සමාගම මෙම පියවර ගෙන ඇති බවයි.

මෙම මාසයේදී පමණක් අගමැති කාර්යාලයේ විදුලි බිල පකිස්ථානු රුපියල් ලක්ෂ 41ක් වන අතර කඩිනමින් විදුලි බිල ගෙවා අවසන් කරන තෙක් විදුලිය ලබා නොදෙන බවයි විදුලි සමාගම සදහන් කර ඇත්තේ.

අවසන් නිවේදන කිහිපයක් නිකුත් කර තිබියදීත් කාර්ය මණ්ඩලය ඒ වෙනවෙන් පියවර නොගැනීම ගැටලූකාරී බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළා. රජයේ ප‍්‍රධාන කාර්යාලයක මෙවන් තත්ත්වයක් වාර්තා වීම දුලභ බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් විදුලි කප්පාදුව පිළිබද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැහැ

Related posts

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයි

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති රට හැර යයි. – ජනපති මන්දිරයේ පාලනය තලේබාන් සංවිධානය අතට

colombotoday