Colombo Today Local News

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

ලබන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය ජුලි මස 31 වන දින සිට අවලංගු කෙරෙන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

වව්නියාව නව විශ්වවිද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික විද්‍යාය හා තාක්ෂණික අධ්‍යයන ශාඛාවන් හි උසස් අධ්‍යාපනය ලබාදීමේ, ප්‍රවර්ධනය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ කාර්යයන් සඳහා ස්ථාපිත කෙරේ.

ව්‍යාපාර අධ්‍යයන පීඨය මූල්‍ය හා ගිණුම්කරණ හා ඉංග්‍රීසී භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ‍, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණ සහ ව්‍යවසායකත්ව යන අධ්‍යයන අංශයන්ගෙන් සමන්විතය.

ව්‍යවහාරික විද්‍යා පීඨය, භෞතික විද්‍යා හා ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ගෙන් ද තාක්ෂණික අධ්‍යාපන පීඨය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයෙන් ද සමන්විත වන බව අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ආණ්ඩුවට සහය දෙන්න රවී සුදානම් වෙයි

colombotoday

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

ඇමතිකම රැකගන්න රවීගෙන් ආගමික නායකයන්ට වොල්වෝ පූජාවක්.. බරපැන බැදුම්කරෙන්

colombotoday

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

colombotoday

බුදුන්ට අපහාස කල දිවැසිවරයෙකු කියාගන්නා ජෙරොම්ට දෙවියන්ගෙ පිහිට නැතිවෙයි.

Admin