Colombo Today Local News

ආණ්ඩුවට සහය දෙන්න රවී සුදානම් වෙයි

වත්මන් රජයට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ තෛපොංගල් දිනය වෙනුවෙන් බම්බලපිටිය කදිරේෂන් කෝවිලට ඊයේ (15 වැනිදා) පැමිණ ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම අද (16 වැනිදා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී පක්ෂයේ පවතින අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන බවත්, එම රැස්වීමෙන් පසු එජාප ගැටුම අවසන් වන බවත් හෙතෙම කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මන්ත්‍රීවරයා, ‘‘එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් කටයුතු කරන ආකාරය අද දින (16 වැනිදා) බලාගන්න පුළුවන්. මෙය රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, මේ සියලු දෙනාම එකතු වී පක්ෂයක්, රටක් වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවක්. බෙදී යන එක නෙවෙයි කළ යුත්තේ.

දේශපාලන මතිමතාන්තර කොයි තරම් තිබුණත් පුංචි ලංකාව කාටවත් යටත් නොවී නොබැඳිව ඉදිරියට යෑම අවශ්‍යයි. ඒ වගේම මේ රජය ලබාදුන්න පොරොන්දු සියල්ල ක්‍රියාත්මක කිරීමත් අවශ්‍යයි. ඡන්ද කාලයේ වේදිකාවල විතරක් කතා කිරීමෙන් වැඩක් නැහැ.

ඒ වගේම මා රන්ජන් රාමනායකගේ ක්‍රියා කලාපය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ අත්තනෝමතික හැසිරීම, තනි පුද්ගලයකුගේ වැඩක් මිස පක්ෂයේ වැඩක් නෙවෙයි. හැම පක්ෂයේම මේ වගේ කළු බැටළුවෝ ඉන්නවා. ප්‍රබල චරිත වෙලා වැඩක් නැහැ. අන්තිමට ජාතිය, ආගම, අධිකරණය වැනි දේවල්වලට අපහාස කරනවා නම් මේවා අනවශ්‍ය දේවල්.’’

Related posts

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

colombotoday

පොලීසියෙන් සොයන පල්ලියේ භාරකරු මාධ්‍ය හමුවක් පවත්වා අටළුගම කාන්තාවගේ චරිතය හොදනෑ කියයි

colombotoday

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

බැඳුම්කර මගඩියට අදාළ දුරකතන දත්ත සටහන් 100ක් ඉහළ නියෝගයෙන් මකා දමලා !

colombotoday