Colombo Today Local News

යහපාලන ඇමතිලාගේ හොර අල්ලන්න ඒකාබද්ධ විපක්ෂයෙන් TOP 10 මෙහෙයුමක් !

corruption

යහපාලන ජාතික රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සිදු කරන්නේ යැයි කියන මහපරිමාණ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබද තොරතුරු රටට ජනතාවට හෙළිදරව් කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

TOP 10 ලෙස නම්කරනු ලැබ තිබෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවය.

මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට පක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවක සේවිකාවන් මාර්ගයෙන් මේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබද තොරතුරු තොරතුරු ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

මේ තොරතුරු සමාජ මාධ්‍ය ජාල, ප්‍රවෘත්ති සාකච්ඡා,මහජන රැස්වීම්, පෝසටර් සහ පත්‍රිකා මගින් ජනතාව අතරට යැවීමටද ඒකාබද්ධ විපක්ෂය කටයුතු යොදා තිබේ.

-සුජිත් මංගල ද සිල්වා-

Related posts

භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday

සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දෙයි

colombotoday

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට

colombotoday

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

කොරෝනා නීති කඩ කරන්නන්ට නීතිය දැඩි වේ

colombotoday