Colombo Today Local News

වතු කම්කරුවන්ට සහය දක්වා, යාපනේ, මඩකලපුවේ උද්ඝෝෂණ.. TNAත් සහයට එයි

758130ba23cf83bca690097348ab028c_l

වැඩි වැටුප් ඉල්ලා නුවරඑළිය, හැටන් ප්‍රදේශවල වතු කම්කරුවන් ගෙන යන අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයට සහය දක්වමින් මඩකලපුවේදී අද (11) උද්ඝෝෂණයක් පැවැත්විණි.

මඩකලපුව ගාන්ධි ආයතනය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ විසිනි. වතු කම්කරු ජනතාවට සහයෝගය දක්වමින් ඊයේ දිනයේදී යාපනයේද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිනි.

මේ අතර දිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් ගෙන යන සටන සාධාරණ බවත්, ගෞරවණීය විසදුමක් ලබා දීමට රජය කටයුතු කළයුතු බවත්, එම සටන සදහා ද්‍රවිඩ සන්ධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්,ශ්‍රීධරන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

Related posts

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

“සිංහල ඔල්මාදකාරයින්ට“ එරෙහිව බැංකු හොරෙක් එක්ක එකතුවී හරි සටන් කරනවා – බාහු

colombotoday

අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලනවා… විජයකලා ප්‍රභාකරන් ඉල්ලනවා… දෙකම සමානයි – ඇමති රාජිත

colombotoday

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin