Colombo Today Local News

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම : 100දෙනෙකු අත්අඩංගුවට

පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේදී ඊයේ පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර තිබුණි.

වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බව පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබූ අතර එම සිදුවීමට අදාළ දර්ශන ද විදෙස් මාධ්‍ය ඔස්සේ පළ කෙරිණ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි.

මේ අතර ඊයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටියේ, ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් පමුණුවන බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එලෙස ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බවත් ඝාතනයට අදාළ පරීක්ෂණය තමන් අධීක්ෂණය කරමින් සිටින බවත් ය.

Related posts

මෛත්‍රී ජනපති අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා බිදදැමීම පිටුපස ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ බළකායක් ?

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

ඉතිහාසයේ මුල්වරට ත්‍රෛනිකායික මහා සංඝ සභාවක් ඇමතීමේ භාග්‍ය ලැබූ දමිළ සහෘදයා !

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday