Colombo Today Local News

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

කළුතර දකුණ ප්‍රදේශයේ දී කළුගඟේ පාලම් පාරුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ.

පුද්ගලයින් පස් දෙනෙකු, යතුරුපැදි තුනක් සහ පාපැදියක් සමගින් අදාළ පාලම් පාරුව කළුගඟේ ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදන්ව ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (03) රාත්‍රීයේ මෙම ඔරුව අනතුරට ලක්වු අවස්ථාවේදී එහි සිටි පිරිසෙන් එක් අයෙක් ජීවිතාරක්ෂ කබා පැළඳ නොසිටි බවද ප්‍රදේශවාසීන් පවසයි.

මේ අතර, පසුගිය (23)දින ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ පාළම් පාරුවක් පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු මිය ගියේය.

අනතුරින් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

Related posts

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

colombotoday

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති

colombotoday

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

colombotoday