Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් ගයනවට විරුද්ධ වන්නේ රට බෙදන්න කැමති අයයි – අජිත් පී පෙරේරා

ajith p perera121

අද දවසේ නිදහස් උළෙලට නොපැමිණ, ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම දැවැන්ත ප්‍රශ්නයක් ලෙස සලකන පිරිස් මේ රට බෙදනවාට පක්ෂ වන පිරිසක් බවත්, රටේ විනාශය දකින්න කැමති පිරිසක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

කලුතර දී පැවති ජනහමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම අළුත් දෙයක් නොවන බවත්, අද සිදුවූයේ පැරණි සම්ප්‍රදාය යළි ස්ථාපිත කිරීම බවත්ය.

ව්‍යවස්ථානුකූලව එලෙස ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම අනුමත කර ඇති බවත්,තමන්ට දැනෙන,තමන්ට හැඟෙන,තමන් දන්නා භාෂාවකින් ගායනා කරන ලෙස මිස එසේ නොදන්නා භාෂාවකින් ජාතික ගීය ගායනා කරන ලෙස යම් ජන කොටසකට බලකිරීම නොගැලපෙන බව නි.අමාත්‍යවරයා පැවසීය.

Related posts

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

බොරලැස්ගමුවේදී කුඩු සමග කතක් අත්අඩංගුවට

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

colombotoday

ඥාණසාර හිමිගේ නඩු විභාගය ඇරඹේ.. තීන්දුව දීමට සූදානම්

colombotoday