Colombo Today Local News

අද සිට දින හතරක විදුලි කප්පාදුවක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (4) සිට දින හතරක් පමණ අවම වශයෙන් පැයක කාලයකට විදුලි සැපයීම අත්හිටුවීම සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පස්වරු 6.00 ත් රාත්‍රී 9.30 අතර කාලයේදී මෙලෙස විදුලි සැපයුම අත් හිටුවීම සිදු විය හැකි බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කරයි.

දිවයින පුරා ඊයේ (03)දින සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණු අතර එඅය යථා තත්ත්වයට පත්කරන තෙක් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවන බව ඔහු කීවේය.

එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවන බව ද ඔහු පැවසීය.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

colombotoday

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට..! සියලූම පත්වීම් සුදුසුකම් මත

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිගෙන් ශ්‍රී ලංකා රජය සමාව ගනියි

colombotoday

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?

colombotoday