Colombo Today Local NewsUncategorized

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති

සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු ගැඹුරු මුහුදේ අතරමංව සිටියදී බේරුවල ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන ඇති අතර , ඔවුන්ගෙන් දෙදෙනකු බීනු 5 බහුදින ධීවර යාත්‍රාවෙන් බේරුවල ධීවර වරායේ ධීවර යාත්‍රා මධ්‍යම වැඩපොල අංගනය වෙත රැගෙනවිත් තිබේ.

මෙසේ රැගෙන විත් ඇත්තේ 25 සහ 30 වියැති සෝමාලියානු ධීවරයන් දෙදෙනෙකි.

ඉකුත් අගෝස්තු 8 දා බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් සිටි ධීවරයන් පිරිසකට ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවර සිව්දෙනකු හමුව ඇති අතර , බෝට්ටු දෙකකට දෙදෙනා බැගින් නංවාගෙන ඇති අතර , අනෙක් දෙදෙනා නංවාගත් බහුදින ධීවර යාත්‍රාව ඉදිරි දින කිහිපය තුළ බේරුවල ධීවර වරායට ළඟාවීමට නියමිත බව වෙරළ ආරක්ෂක නිලධාරී කාර්යාලය පවසයි.

බහුදින ධීවර යාත්‍රාවේ පැමිණි මෙරට ධීවරයන් සිව්දෙනා සහ සෝමාලියානු ධීවරයන් දෙදෙනා හෙට දිනයේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සදහන් වේ.

ඔවුන් හය දෙනා මේ වන විට බීනු 5 බහුදින ධීවර යාත්‍රාව තුළ නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයේ රදවා සිටි.

Related posts

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන්ට උසස්වීම්

Admin

සතොසට පොල් අසූදාහක් ලැබිලා

Admin

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

colombotoday