Colombo Today Local News

දිවයිනට පැමිණි ගෑස් නැවක සාම්පල පරීක්ෂාකෙරේ

දිවයිනට පැමිණි ලාෆ් ගෑස් සමාගමට අයත් නෞකාවක ගෑස් සිලින්ඩරවල තත්ත්වයන් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රී 9.30ට පමණ පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නෞකාව වෙත ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එම අධිකාරීය සඳහන් කළේය.

ඒ අනුව මෙහි සාම්පල පාරිභෝගික අධිකාරීයේ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරෙන බව ද ඔවුන් සඳහන් කළේය.

ගෑස් සම්බන්ධයෙන් මේ වන විට දැඩි ගැටලුකාරී වාතාවරණයක් මතුව ඇති අතර දිවයිනට රැගෙන එනු ලබන සියලුම ගෑස් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් නෞකාවකින් ලබාගත් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම් කටයුතු තවදුරටත් සිදුකරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙහි පරීක්ෂණ කටයුතු ප්‍රතීතන මණ්ඩලය මගින් ද සිදුකරන බව සඳහන් වේ.

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවල නිවාඩු අවලංගු කෙරේ

colombotoday

රාජ්‍ය වෛද්‍ය නිලදාරින්ගේ සභාපති දැඩි සත්කාරේ

colombotoday

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday

කොරෝනා භීතිය මක්කමටත් දැනෙයි… විදෙස් බැතිමතුන්ට සෞදියේ දොර වැසෙයි !

colombotoday

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin