Colombo Today Local News

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

කාන්තාවකට සරම උස්සා පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව ඉත්තෑපාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාව්ට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව පොලිසිය සදහන් කරයි.

උඩුමුල්ලහේන, යගිරල ලිපිනයේ පදිංචි යූ.එස්. චන්ද්‍රලතා නමැති කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.

සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පදිංචි නිවස ආසන්නයේ ඉඩමක දර කපා ඉවත්කරන අවස්ථාවේ ඇතිවූ බහින්බස් වීමක් අතරතුර මන්ත්‍රීවරයා පැමිණිලිකාර තැනැත්තියට පරුෂ වචනයෙන් බැන, ඇද සිටි සරම උස්සා පෙන්වූ බවට පැමිණිලි කර ඇතැයි සදහන්වේ.

කාන්තාවකට ලිංගික අතවර කිරිම යටතේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇතැයි පොලිසිය සදහන් කරයි.

Related posts

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි

Admin

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

colombotoday

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව අද ?

colombotoday