Colombo Today Local News

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා මුදල් රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (04) දහවල් කාලයේදී කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන් අවුරුදු 36 හා 38 යන වයස්වල පසුවන වැලිවැටිතුරය ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි.

සැකකාරියන් අද (05)දින පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය හා කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්දිය : රැඳවුම් භාරයේ සිටි දේවස්ථාන සේවකයා මුදා හරී

colombotoday

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

Admin

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

colombotoday

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday

සියදිවි නසාගත් පොලිස් නිලධාරියා

Admin