Colombo Today Local News

සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම ගැන කටක් නාරින අය පලස්තීනය වෙනුවෙන් කොළඹ යකා නටනවා

ති‍්‍රකුණාමලය සුඩකුඩා බොදු උරුමය ඩොසර් කළ අයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ති‍්‍රකුණාමලය, සුඩකුඩා බොදු උරුමය ඩොසර් කළ අයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න.

යාපනයේ නාගවිහාරාධිපති හිමියන්ගේ ආදාහනෝත්සවයට එරෙහිව දෙමළ අන්තවාදීන් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සාහ දරද්දී ති‍්‍රකුණාමලයේ සුඩකුඩා (ඉපැරණි සෝමපුර රාජධානියට අයත්) ප‍්‍රදේශයේ බෞද්ධ චෛත්‍යයක් ඩෝසර් කර බිමට සමතලා කර ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ම`ගින් මෙම ඉපැරණි චෛත්‍ය අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයක් ලෙස හඳුනාගෙන එය ප‍්‍රකාශයට පත් කර වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා සුදානම්ව සිටිය දී එය ඩෝසර් කර බිමට සමතලා කර ඇත.

මෙම ඩෝසර් කළ ඉපැරණි පුරාවිද්‍යා උරුමයක් වූ බෞද්ධ චෛත්‍ය අසළ ප‍්‍රදේශවාසීන් පවසන පරිදි මීටර් 8ක් දුරින් මීට වසර 4කට පෙර ඉදිකළ හින්දු කෝවිලක් ඇත. එය ලියාපදිංචි කර ඇද්දැයි තම තහවුරු වී නැත.

ඩෝසර් කර සමතලා කළ බෞද්ධ උරුමය නීර්ක්ෂණය කිරීම සඳහා නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගම මහතා මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට නිලධාරින් සමග ගිය අවස්ථාවේ දී කෝවිල අවට ප‍්‍රදේශවාසීන් ඩෝසර් කර සමතලා කළ චෛත්‍ය භූමීය මත සිට විරෝධතාවයක නිරත විය. ජනතා විරෝධය මත එය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරවරයා එම කෝවිලේ පාලක සභාව සමග සාකච්ඡ කළ අවස්ථාවේ දී වරදක් සිදුවී ඇති බවත් එයට සමාව අයදින බවත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ ප‍්‍රකාශ කර ඇත.

විනාශ කරන ලද දාගැබේ ගවේෂණ කටයුතු 2017 දෙසැම්බර් 25 වන දින නිම කිරීමට තිබිය දී මෙම විනාශය සිදුකර ඇත. මෙහිදී අලූත ඉදිකළ කෝවිලේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් ඛදිින ලද ළිඳේ වැඩකටයුතු නවත්වන ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත.

මෙම විනාශයෙන් පසු ආණ්ඩුකාරවරයා එම ස්ථානය නිරීක්ෂණය කිරීම පිළිබඳවත් නියෝග පැනවීම පිළිබඳවත් එතුමාට ස්තුතිවන්ත වෙමු.

එහෙත් මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරින්ගේන්, නිලධාරින්ගෙන් හා දේශපාලන අධිකාරියෙන් ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයක් ඇත.

  1. උතුරු හා නැගෙනහිර බෞද්ධයන්ගේ අයිතියට උරුමයට සිදුවන්නේ කුමක්ද?
  2. මෙම ඉපැරණි දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත්තේ නම් එය ගවේෂණය කළ යුතු ස්ථානයක් ලෙස නම්කළේ නම් එයට ආරක්ෂාව නොදුන්නේ ඇයි
  3. චෛත්‍ය ඩෝසර් කිරීම සැගවී රහසිගතව කළ නොහැක. ඒ සඳහා යන්ත‍්‍රසූත‍්‍ර සහ මිනිසුන් යොදාගත යුතුය. එතරම් දෙයක් සිදුවන තෙක් එම ප‍්‍රදේශයේ නිලධාරින් පොලීසිය මෙය නොදැන සිටියේ ද?
  4. චෛත්‍ය විනාශ කිරීමෙන් පසු බලධාරින්, නිලධාරින් ඊළගට ගනු ලබන කි‍්‍රයාමාර්ගය කුමක්ද?
  5.  මෙම විනාශයට කළ අයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නේ ද?
  6.  චෛත්‍ය ගවේෂණ කටයුතු කර නැවත එය පිළිසකර කර ප‍්‍රතිෂ්ඨාපනය කරන්නේ ද?
  7. ඒ පිළිබඳ වගකීම හා සහතිකය දෙන්නේ කවුද?

එසේනම් ශාසනභාරධාරීන් බෞද්ධ ජනතාව, බෞද්ධ සංවිධාන හා පුරාවිද්‍යා උරුමයන් වෙනුවෙන් පෙනී සිටින්නන් මේ පිළිබඳව විමසිල්ලෙන් හා අවධියෙන් සිටිය යුතුය.

එමෙන්ම ඊනීයා සංහිඳියාව නාමයෙන් මේ ගැන කථාකරන්නට යාමෙන් ජාතික ආගමික නොසන්සුන්තාවයක් ඇතිවේ යැයි කියමින් බෞද්ධ උරුමය අයිතිය යටපත් කිරීමට ඊනීයා සංහිඳියා වාදින්ට ඉඩ නොතැබිය යුතුය.

රජයේ බලධාරින් නිලධාරින් වගකිව යුත්තන් මෙම චෛත්‍ය නිශ්චිත කාල සීමාවක් තුළ නැවත ප‍්‍රතිෂ්ඨාපනය නොකරන්නේ නම් ශාසන භාරධාරීන්ගේ ම`ග පෙන්වීම යටතේ ස්වේච්ඡුා බෞද්ධ බලසේනාවක් මෙම ප‍්‍රදේශයට ගොස් විනාශ කළ බෞද්ධ නටඹුන් හා පුරාවිද්‍යා වැදගත්කමක් ඇති සියලූ දේ එක්තැන් කොට සාම්පූර්, සුඩකුඩා බෞද්ධ දාගැබ ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතුය. බෞද්ධයන් අධිටන් කර ගත යුත්තේ එයයි.

මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ ඇති විහි`ඵව නම් යාපනයේ නාගවිරාධිපති හිමියන්ගේ ආදාහනයට තහනම් නියෝග ගැනීමවත් ති‍්‍රකුණාමලයේ සාම්පූර් සුඩකුඩා බෞද්ධ දාගැබ ඩෝසර් කර සංහිඳියාව විනාශ කිරීමවත් නොව වඩා වැදගත් වන්නේ ජෙරුසලම ඊශ‍්‍රාලයේ අගනුවර කරන්න එපැයැයි කියමින් පලස්තීන සහයෝගීතා ව්‍යාපාරය සමග එක්ව දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ජනාධිපති ට‍්‍රම්ගේ තීරණයට එරෙහිව කොළඹ රැළි පවත්වා ට‍්‍රම්ප්ව පතුරු ගැසීමය.

– නිශාන්ත ශි‍්‍ර වර්ණසිංහ

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

colombotoday

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ සහය ජනපති මෛත්‍රීට..!

colombotoday

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

colombotoday

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

සංහිදියාවෙන් මේ රට සුරපුරයක් කළ හැකියි.. පල්ලි කෝවිල් ගිනි තියල ඒක කරන්න බෑ – සජිත් යාපනේදී කියයි

colombotoday