Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂයේ සහය ජනපති මෛත්‍රීට..!

ජනාධිපතිවරයා බැදුම්කර වංචාවේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දීමට කටයුතු කරනවානම්, ඒ වෙනුවෙන් ඔහුට ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව උපරිම සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බැඳුම්කර මගඩියට සම්බන්ධ දේශපාලනඥයන් ජනාධිපතිවරයාට මඩගසමින් විවිධ අවලාද නැගීම හෙළා දකින බවද පාර්ලිමේන්තු සංකිර්ණයේ පෙරේදා (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර මගඩිය හෙළිදරව්වීම නිසා කෝපයට පත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් නගන අවලාද හමුවේ ඊට එරෙහිව ජනාධිපතිවරයා සමග එකට හිටගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දුකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මහදවල් සිදුවුණු බැඳුම්කර මංකොල්ලය දැන් රටට හෙළි වී හමාරයි. මෙහි ප්‍රතිවිපාක 2045 දක්වාම විඳින්න සිදුවෙනවා . බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න එක එක්කෙනාගේ තර්ජන ගර්ජනවලට යට වෙන්න එපා යැයිද මන්ත්‍රීවරයා පැවැසීය.

Related posts

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

colombotoday

පියා හිසට කෙටු කඩු පහරින් පස් මසක බිළිඳිය මරුට | නැන්දණියගේ අත වෙන් කරලා.. මාමණ්ඩියගේ ඇඟිලිත් කපලා

colombotoday

“මොරගහකන්ද හදා මම මැජික් පෙන්නුවා..” ජනපති ජලාශ වේල්ල මත සිට කියයි (Video)

colombotoday

පන්දම නිවයි.. ෆොන්සේකා සිරිකොතේ ස්ථීර පදිංචියට යයි

colombotoday

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

colombotoday