Colombo Today Local News

සංහිදියාවෙන් මේ රට සුරපුරයක් කළ හැකියි.. පල්ලි කෝවිල් ගිනි තියල ඒක කරන්න බෑ – සජිත් යාපනේදී කියයි

ජාති, ආගම්, භේද තුළ කිසිවිට රටක් ගොඩ නඟන්නට නොහැකි වන අතර සහෝදරත්වයෙන් හා සංහිඳියාවෙන් රටේ සියළු දෙනා ජිවත් වීම තුළ දැවැන්ත සංවර්ධනයක් ඔස්සේ රට සංවර්ධන සුරපුරයක් බවට පත් කළ හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ඒකීයභාවය හා ස්වෛයිරීත්වය ආරක්ෂා කර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව පැවසූ අමාත්‍යවරයා, විරුද්ධවාදීන් සිදුකරන හින්දු කෝවිල්, ඉස්ලාමීය පල්ලි, ක්‍රිස්තියානි හා කතෝලික දේවස්ථාන ගිනි තැබීම එහි වැරදි ක්‍රමවේදය බවත්, යහපාලන රජය අනුගමනය කරන ‘මේ මගේ මාතෘ භූමියයි. ශ්‍රී ලාංකිකයින් ලෙස සියළුදෙනා මෙහි සමඟියෙන් ජීවත් විය යුතුයි’ යන හැගීමෙන් කටයුතු කිරීම එහි නිවැරදි ක්‍රමවේදය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් රට වෙනුවෙන් හෙලූ සෑම ලේ බිඳුවක් පාසාම එතුමන්ගේ පුතණුවන් ලෙස තමන් මෙරට අසරණ ජනතාවගේ නිවාස ගැටළුව සදාකාලිකවම විසඳන්නට ජීවිත පරදුවට තබා කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යාපනය දිස්ත්‍රික්කයේ, චාවකච්චේරිය, මන්තුවිල් හී ඉදිකළ “නාවලර් කෝට්ටම්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (07) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 135 වන ආදර්ශ ගම්මාන මෙය වේ.

නිවාස 29 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 252 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙය සමන්විත වේ. ‍

මෙම ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 29 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 18 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 29 ක හිමිකම ලබාදීම, අඩු ආදායම්ලාභී පවුල් 700 කට රුපියල් ලක්ෂ 790 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 490 කට රුපියල් ලක්ෂ 245 ක වටිනාකමකින් යුතු නිවාස ණය හා ආධාර, ප්‍රතිලාභී පවුල් 15 කට රුපියල් ලක්ෂ 30 ක් වටිනා ‘සොඳුරු පියස’ නිවාස අධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 138 දෙනෙකුට රුපියල් ලක්ෂ 69 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ප්‍රතිලාභීන් 16 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 24 ක් වටිනා ස්වයං රැකියා ණය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 83 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමංදිරන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරුද එක්ව සිහියහ.

Related posts

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර පහළොවක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශවෙයි

colombotoday

බුරවිගේ බලපෑමෙන් දිස්ත්‍රීක්ක 06 ක පවුල් 551කට අයත් පුද්ගලයන් 1904 ක් පීඩාවට.

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

colombotoday