Colombo Today Local News

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඊයේ (07) රාත්‍රීයෙදී මහාමාරු, නඩඋත්තු සුනාමි ගම්මානයේ පල්ලියක් අසලදී එම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි දෙදෙනෙක්ට යතුරුපැදියකින් පැමිණි තවත් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඉන් තුවාල ලැබූ දෙදෙනා පළමුව කින්නියා රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා ඇත.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 30ක් සහ 33ක් වූ කින්නියා 05 ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.

Related posts

මැයි 09 ගහපු අය ආරක්ෂා කරන්න ඕනි. – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

Admin

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

මාකොළ හෙරොයින් ජාවාරම්කරුවන් රුපියල් 350,000ක් සමග STF අත්අඩංගුවට

colombotoday