Colombo Today Local News

විජයකලා නිදහස් කරන්න නියෝග

ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද(19)දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

2018 වසරේ කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට මීට පෙර ඇප නියම කර තිබුණි.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

Related posts

සේනා ආක්‍රමණය පිටුපස ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම…

colombotoday

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම පෙබරවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකයි

Admin

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin

කැෆේ කීර්ති ගම්පොල පොලීසිය විවෘත කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන්වාගෙන. උත්සව සභාව නොසන්සුන් වේ.

colombotoday

සිගරට් මිළ අද මැදියමේ සිට ඉහළට…

colombotoday

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

colombotoday