Colombo Today Local News

බුදු පිළිම තැබුවොත් යහපාලනය නැතිවෙනවායි කියූ මන්ත්‍රී මන්සූර්ට, ඇමති දයා කෙළින් කියු කතාව (VIDEO)

23568552

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවට පැහැදිළිව සදහන් කර ඇති නමුත්, අද සිංහල බෞද්ධ ජනතාවට සිදුවන කෙණෙහිළිකම් තවත් ඉවසා සිටිය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

යහපාලනය නැති කිරීම සදහා ඇතැමුන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල බුදුපිළිම තබන බවත්, ඊට ඉඩ දිය නොහැකි බවත් නැගෙනහිර පළාත්සභා මන්ත්‍රී මෙහොමඩ් මන්සූර් විසින් අම්පාර දිස්ත්‍රික් කමිටු සංවර්ධන රැස්වීමේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මුස්ලිම් නායකයෝ, ද්‍රවිඩ පක්ෂවල නායකයෝ, එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුදුදහමට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා . එතකොට අද මේ රටේ බුදුපිළිමයක් තියන එක තහනම් කරන්න කියලා කතා කරනවා නම්, ඒක වැරදී. අපි හැම ආගමකටම ගරු කරනවා. හැම ජාතියකටම ගරු කරනවා. බුදුපිළිම තියන්න එපා කියලා කවුරුහරි කියනවා නම් ඒකට මට එකග වෙන්න බෑ. යහපාලනය නැති වෙන්නේ නෑ බුදුපිළිම තිබුණා කියලා. එහෙම කියනවා නම් මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා. මේ ඇමතිකම ලොකු නෑ මට. හැබැයි කවුරුහරි බුදුපිළිමයක් හදනවා කිව්වොත් මම ඒකට සාධු සාධු කියලා අතගහලා සල්ලි දෙනවා.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1827025417566933/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

colombotoday

රන් පවුම රු185,000ට නගී

colombotoday

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි !

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday