Colombo Today Local News

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන ඇති අතර මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සොයා බලා ගෙන යන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පවසයි.

මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමුවී ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රධානියකු පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සමහර රූමත් තරුණ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවී ඇති අතර, එම කමිටු කාමර පසුගියදා පරික්ෂා කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මේ අතර, එම ලිංගික හිංසන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව ඒ ගැන දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.

කමිටුව මේ සම්බන්ධයෙන් සේවිකාවන් ඇතුළු 20 කට ආසන්න පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර, මෙම පරීක්ෂණ කටයුතු අඩාළ කිරීමට සහ ඒවාට බලපෑම් කිරීමට නිලධාරීන් පිරිසක් රහසිගතව කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර ඒ පිළිබඳව ද පාර්ලිමේන්තු බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වාර්තාවක් දෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පරීක්ෂණ කමිටුවට පසුගියදා උපදෙස් දුන්නාය.

Related posts

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

colombotoday

රටක තිබිය යුත්තේ එක නීතියක් – එය සැමට පොදු විය යුතුයි – දුමින්ද

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday