Colombo Today Local News

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

කඩවත පොලිස් වසමේ කඩවත රාගම මාර්ගයේ ගුවන් පාලම අසල ඇළක තිබී පොලීසිය විසින් මළසිරුරක් සොයාගෙන තිබේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ත් 60ත් අතරේ පසුවන අත්කොට කමිසයකින් හා කොළ පැහැති සරමකින් සැරසුන මුහුණ පුරා රැවුල වැවී ඇති කොණ්ඩය කොටට කැපූ අයෙක් බව පොලීසිය පවසයි.

මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඥානසාර හිමිගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි. – බලධාරීන්ගේ කන් ඇරෙන්න දෙසයි

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

දින 5ක් තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර අවසන්

colombotoday

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday