Colombo Today Local News

ඩීසල් හිඟය දින 2 කින් පහව යනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශයෙන් සහතිකයක්

පවතින ඩීසල් හිඟය ඉදිරි දින 2ක තුළ පහව යනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩි.ආර්. වොල්ගා මහත්මිය සඳහන් කරන්නේ, මේ වන විට ඩිසල් නැව් 02 ක් ගොඩබාමින් ඇති බවයි.

පළමුව පැමිණි ඩීසල් නෞකාවේ සහ ඉන්පසු පැමිණි ඩීසල් නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 පමණ තවත් ගොඩ බෑමට ඉතිරිව ඇති බව ද ලේකම්වරිය පැවසුවා ය.

මේ වන විට එම නෞකා දෙකේ ඩීසල් මෙට්‍රික් ටොන් 45,000 ක් ගොඩ බා අවසන් කර ඇත.

ලේකම්වරිය ප්‍රකාශ කරන්නේ, අද දිනයේ දැවි තෙල් නෞකාව ගොඩබෑමේ කටයුතු ආරම්භ කෙරෙන බවයි.

තවත් ඩිසල් නෞකාවක් මෙරටට පැමිණ ඇති බවත්, එම නෞකාවට ද ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව දැනට මතුව ඇති ඩීසල් හිඟය අවම වනු ඇති බව ලේකම්වරිය තහවුරු කළා ය.

කෙසේ වෙතත්, ඊයේ දිනයේත් ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති වීමෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත්විය.

Related posts

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

ශ්‍රීලනිප මන්ත්‍රීන්ට නැවතත් රතු එළි.. 65ට නා අයට විනය පියවර ගන්න යයි!

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday