Colombo Today Local News

වගා ළිදකට වැටී 18හැවිරිදි සිසුවෙක් ජිවිතක්ෂයට

අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ පදිංචි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භාරත් දර්ශන් නැමති (18) හැවිරිදි පාසල් සිසුවෙකි.

බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසල් ක්‍රිඩාංගණයේ ඊයේ (13) දින පැවති ක්‍රිකට් තරගාවලියක් නැරඹිමට යන බව දෙමව්පියන්ට පවසා ඇති මිය ගිය සිසුවා නිවසට නොපැමිණි නිසා මව්පියන් සිසුවා සොයා ඇත.

ක්‍රිකට් තරගාවලිය නැරඹිමට භාරත් දර්ශන් නොපැමිණි බවට ඔහුගේ මිතුරන් විසින් දෙමව්පියන් වෙත දැනුම් දිමෙන් පසු නිවස අවට දරුවා සොයා සිදු කළ මෙහෙයුමකදි නිවසට ආසන්නයේ පිහිටි භාවිතයට නොගන්නා අඩි 6 ½ පමණ ගැඹුරකින් යුත් වගා ළිදක හිස පහලට පාදයන් ඉහලට සිටින සේ සිරුර දැක තිබේ.

සිද්ධිය පිළිබඳව බගවන්තලාව පරීක්ෂණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ පටන් ගන්නවා

colombotoday

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday

සම්මුතිය නිමයි..! ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..

colombotoday

ජීව උණ්ඩ සමග අමෙරිකානුවෙක් කටුනායකදී අත්අඩංගුවට

Admin

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday

දුම්රිය ධාවන වාර රැසක් අවලංගුයි

Admin