Colombo Today Local News

ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ පටන් ගන්නවා

laxman kiriellaලබන වසරේ ජනවාරියේ දී අධිවේගී මාර්ග තුනක වැඩ අරඹන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 2017 ජනවාරි මාසයේදී කොළඹ මහනුවර අධිවේගී මාර්ගය (ෂෂ අදියර) කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල, දඹුල්ල, ත්‍රිකුණාමලය-යාපනය අධිවේගී මාර්ගය වැඩ ඇරැඹීමට සැලසුම් කර තිබෙන බව හෙතෙම කීය.

මේ අධිවේගී මාර්ග තුනෙන්ම මුළු රටම ආවරණය වෙනවා. අපේ රටේ පළාත් බෙදාගෙන සංවර්ධනය කරන්න ආයෝජකයෝ පැමිණ සිටිනවා. හම්බන්තොට සංවර්ධනය කරන්න චීනය ඉදිරිපත්වී තිබෙනවා. ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න සිංගප්පූරුව කැමැත්ත පළ කර තිබෙනවා. කර්මාන්ත ශාලා දියුණු කරලා අලුතෙන් හෝටල් හදලා ත්‍රිකුණාමලය සංවර්ධනය කරනවා. ජපානය මහනුවර ප්‍රදේශය සංවර්ධනය කරනවා. අන්න ඒ නිසයි ජී-7 සමුළුවටත් අපේ ජනාධිපතිතුමාට ආරාධනා කෙරුවේ. අපි අපේ රට තව අවුරුදු 3 කින් දැවැන්ත සංවර්ධනයක්‌ කරා ගෙන යනවා. ඊට ජනතාවගේ සහය අවශ්‍යය යෑයි තවදුරටත් කීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස්‌ පළ කළේ 2016.08.28 දින පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙය වන “පුර නැඟුම” ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කරන්දෙණිය මැතිවරණ කොට්‌ඨාසයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැඟිල්ල ජනතා අයිතියට පැවරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

Related posts

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම මානව හිමිකම් උල්ලංඝනය කරයි..

colombotoday

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අනුරාධපුර පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට.

colombotoday

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

colombotoday

දූෂණ අක්‍රමිකතාවලින් ලංකාව තවත් පිම්මක් ඉදිරියට… ලෝක දර්ශකයේ අලුත්ම තැන මෙන්න

colombotoday