Colombo Today Local News

කසිප්පු ලුවිස්, බංකර් හිල්ඩා, වැල්ලේ සුරංගගේ මාමා ඇතුළු කොළඹ පාතාලය මනෝ ගනේෂන්ගේ අපේක්ෂක ලයිස්තුවේ.

ජාතික සංහිදියා ඇමති ලෙස ජනතාවගේ වරප්‍රසාද ලබාගනිමින් රටේ සංහිදියාව විනාශ කිරීමේ මෙහෙයුමක නිරතව සිටින කොටි සංවිධානය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටි රට ජාතිය විකුණා කමින් ඡන්ද එක්රැස් කිරීම සඳහා භීෂණය පතුරවමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක මනෝ ගනේෂන් පිලිබදව විශේෂ වාර්තාවක් අප වෙත ලැබී තිබෙනවා.

මනෝ ගනේෂන් යනු එදා සිටම පාතාලය සමග ගනුදෙනු කල පුද්ගලයෙකි. එපමණක් නොව කුඩු සහ ගංජා කොළඹ පුරා ව්‍යාප්ත කරනා ජාවාරම්කරුවන් හා සමීප ඇසුරක් පවත්වන අයෙක්. 2006 වසරේදී මනෝ ගනේෂන්ගේ පක්ෂය තුලින් නගර සභාව සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ලබනවා. ඔහු තමයි කොටහේන නිවාස සංකීර්ණයේ සිටි කුඩු ෆාරුක්ගේ පුත්‍රයා වන සියාම්. පාතාලයේ උදව්වෙන් සියාම් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වනවා. ඔහු පත් වී මාස 06 ක් ඇවෑමෙන් තහනම් මත්කුඩු චෝදනාවකට ඔහු සිරගත වනවා සේම ඔහුගේ මන්ත්‍රී ධූරයද අහෝසි වනවා. ඒ වන විට කොළඹ පාතාල කෙරුවාවන් ජයටම සිදුකලේ මනෝ ගනේෂන්ගේ මෙම හෙංචයියන්. මෙවැනි චෝදනාවකට වරදකරුවෙක් වෙලා මන්ත්‍රි ධූරය අහෝසි වූයේද ඉතිහාසයේ පළමු වතාවට මනෝ ගනේෂන්ගේ ගෝලබාලයෙක් වීම විශේෂයි.

එසේම, මනෝ ගනේෂන්ගේ තවත් හිතවතෙක් වනුයේ කසිප්පු ලුවිස්. ඔහු මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය අරගෙන දේශපාලනයේ නියැලෙනවා. මනෝ ගනේෂන් ඔහුට අපේක්ෂකත්වය ලබාදීමට හේතුව කසිප්පු ලුවිස්ගේ ජාවාරම වටා බොහෝ පිරිසක් එකතු වී සිටීම. ඒ හරහා මනෝ ගනේෂන් ඡන්ද 500 ක් පමණ එකතු කරගන්නවා. සාමාන්‍ය ජනතාව බියවද්දා, මේ මැරවරයන් ඡන්ද ලබාගන්නේ ඉතාමත් ගුජුප්සායජනක අන්දමට. ඒ අනුව එම ප්‍රදේශයන්තුල මනෝ ගනේෂන්ගේ පාතාල හයිය ව්‍යාප්ත කරනු ලබනවා.

මේවර පලාත් පාලන මැතිවරණය සඳහා තවත් ජාවාරම්කාර කාන්තාවක් මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාගෙන තිබෙනවා. ඇය අන් කවුරුත් නොව කොච්චිකඩේ ප්‍රදේශයේ නමගිය ජාවාරම්කාරිනියක් වන බංකර් හිල්ඩා නොහොත් හිල්ඩා අබේරත්න. ඇයට බංකර් හිල්ඩා වශයෙන් නම්පට බඳින්නට හේතුවක් තිබෙනවා. ඇය ඉන්දියාවේ සිට මත්කුඩු සහ රත්‍රන් යෝනිය තුල සඟවාගෙන පැමිණෙන ජාවාරම්කාර කාන්තාවක් නිසාය. මේ සඳහා ඇයට සහය දෙනු ලබන්නේද මනෝ ගනේෂන්ගේ අතිශය හිතවන්තයෙකු වන කොච්චිකඩේ ප්‍රදේශයේ පූකුඩි ඛන්නා නම් ජාවාරම්කරුවා විසිනි. පූකුඩි ඛන්නා යනු කුඩු සහ කේරළ ගංජා ජාවාරම් සඳහා නමගිය තැනැත්තෙකි. එසේම බාබුල් පුවක් මෙරටට ගෙන්වා බෙදාහැරීමට ඔහු සිදුකරගෙන යනු ලබනවා. ප්‍රදේශයේ පාසල දරුවන්ට පාසල් අසලට ගොස් බාබුල් පුවක් අලෙවි කරන ජාවාරමක්ද ඔහු සිදුකරනු ලබන බව අප හිතවතෙකු පැවසීය.

එසේම මනෝ ගනේෂන්ගේ පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟ කරන තවත් නම ගිය මැරයෙක්ගේ ඥාතිවරයෙකුද සිටී. එනම් පාතල නායකයෙකු වන වැල්ලේ සුරංගගේ මාමාය. ඔහුද සාමාන්‍ය ජනතාව අතර සැරිසරමින් නොයෙකු ජාවාරම් වල නියැලෙන පුද්ගලයෙකි. මේ ආකාරයට මනෝ ගනේෂන්ගේ පක්ෂය තුලින් රටට කොඩිවිනයක්ව ඇති නම ගිය අපරාධකරුවන් සහ ජාවාරම් කරුවන් මහජන නියෝජිතයන් ලෙස ඉදිරිපත් කර ඇත. මේ හරහා ඔවු සිදුකරන්නේ ජනතා සේවයක් නොව, මන්ත්‍රි වරප්‍රසාද භුක්ති විඳිමින් තමන්ගේ ජාවාරම් වඩාත් හොඳින් සිදුකිරීමටයි.

පසුගිය යුධ සමයේ මනෝ ගනේෂන් විසින් යුද්ධයට එරෙහිව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන දමිල ජනතාව අතර ජාතිවාදී අදහස් ගෙනගිය අයෙකු විය. ඔහු එල්ටීටීඊය අවසන් කරනවාට බෙහෙවින් අකමැති පුද්ගලයෙකු විය. එයට හේතුව 2006 වර්ෂයට ප්‍රථම සහ පසු මනෝ ගනේෂන්ගේ පාතාලය සහ ජාවාරම්කරුවන් එල්ටීටීඊය සමග සම්බන්ධතා පැවැත්වූ නිසා බව අනාවරණය වේ. ඉන්දියාවේ සිට රැගෙන එනු ලබන තහනම් මත්දුව්‍ය කොටි සංවිධානය හා සම්බන්ධතාවයෙන් කොළඹ කරා රැගෙන ඒමට මොවුන් කටයුතු කර ඇති බව සනාත වන කරුණු රාශියක් ඇත. යුධ සමයේ බුද්ධි අංශ මගහැර සැඟව සිටි පූකුඩි ඛන්නා ඉඳුරාම කොටි සංවිධානය හා සම්බන්ධතා පැවැත්වූ අයෙකු වන අතර, ඔහු මනෝ ගනේෂන්ගේ රැකවරණය මත කලුබෝවිල ප්‍රදේශයේ සැඟව සිට ඇත.

එසේම මනෝ ගනේෂන්ගේ නාගරික මන්ත්‍රීවරු තවත් ජාවාරමක් සිදුකර ඇත. එනම් නාගරික මන්ත්‍රීවරුන් හට වාර්ෂික ප්‍රථිපාදන මත ස්වයං රැකියා සඳහා බෙදාදීමට ලබාදෙනු ලබන මහන මැෂින් බෙදා නොදී වංචා කිරීමයි. එක් මන්ත්‍රිවරයෙකු හට මහන මැෂින් 50 ක් ලැබෙන අතර, මනෝ ගනේෂන්ගේ පක්ෂයේ මන්ත්‍රිවරු 6 ක් සිට ඇත. ඒ අනුව ඔවුනට ලැබුණු මහන මැෂින් 300 ට සිදු වූයේ කුමක්ද?
ඒ කිසිඳු මන්ත්‍රිවරයෙකු හෝ එම මැෂින් දමිල ජනතාව වෙනුවෙන් හෝ බෙදා දී නොමැති බව අප වාර්තා වේ. සමහර මන්ත්‍රිවරුන් මුදලට එම මැෂින් විකුණු බවද ඇසින් දුටු සාක්ෂි ඇත.

මේ ආකාරයට ජනතා මුදල් වංචා කරමින්, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා සිදුකරමින්, කොටි හිතවාදීන්ට උදව් සපයමින්, ජාතිය වාදය අවුස්සමින්, දමිල ජනතාව මුලාකරමින්, දූෂණය සහ භීෂණය පතුරවමින්, මත්කුඩු සහ පාතාලය සමග ගනුදෙනු කරමින් ගෙන යන මනෝ ගනේෂන්ගේ දේශපාලනයට නැවතීමේ තිත තැබිය යුතු නොවේද?. නිදහස් ලංකාවක් වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කරනා විශේෂයෙන්ම දමිල ජනතාව ඔබලාගේ නියෝජිතයා වශයෙන් මනෝ ගනේෂන් සහ ඔහුගේ පාතාල ගෝලබාලයන් පත්කරනවාද ? ඔවුන් ඔබ රවටා ඡන්දය ඩැහැගෙන නුඹලාගේම මිනිසුන්ට තහනම් මත්ද්‍රව්‍ය බෙදාහරිනවා නොවේද? නුඹලාටම භීෂනය පතුරවනවා නොවේද ?

දැන් ජනතාවගේ අවස්ථාව එළඹ ඇත. පෙබරවාරි 10 වෙනිදාට ජනතා අවිය වන ඡන්දයෙන් තමන්ගේ බලය පෙන්වීමයි. දූෂණයෙන්, භීෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබලාගේ පිරිසිදු ඡන්දය පාවිච්චි කරන්න. මනෝ ගනේෂන් වැනි කොටි සංවිධානය වෙනුවෙන් කඩේ යමින් රට විනාශ කල මත්ද්‍රව්‍ය බෙදමින් අනාගත පරපුර විනාශ කරන අවස්තාවාදී දේශපාලුවන් දේශපාලනයෙන් අතුගා දමන්නට දැන් කාලය එළඹ ඇත.

Related posts

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

colombotoday

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

colombotoday

නිළියන් තොගයක් FCIDයට.. සිල් බිඳ ගත් නිළියකුත් ඒ අතර

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday