Colombo Today Local News

අනුර කුමාරට බිත්තර-ගල් ගසා පොලිසියට බාර දුන් දෙදෙනා අතුරුදන්.

පසුගිය 30 වැනිදා පැවැති ජාතික ජන බලවේගයෙ දිස්ත‍්‍රික් සමුළුවට බිත්තර සහ ගල් ප‍්‍රහාර එල්ල කළ දෙදෙනකු පක්ෂයේ ආධාරකරුවන් එක්වී නිට්ටඹුව පොලීසියට බාර බාර දුන් දෙදෙනා මේ වන විට අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

පසුගිය තිස් වෙනිදා නිට්ටඹුව පොලිසියට භාරදුන් මෙම පුද්ගලයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා පොලිසිය විසින් වතුපිටිවල දිස්ත‍්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබිණ. පොලිස් ආරක්ෂාව යටතේ සිටි මේ දෙදෙනා 01දා පස්වරුවේ සුවවීමෙන් පසුව රෝහලෙන් බැහැර කර ඇත.

රෝහලෙන් බැහැර කළද මෙම දෙදෙනා මේ වන විට පොලිස් භාරයේ නොමැතිබව වාර්තා වේ.

සැකකරුවන් පිළිබඳව පසුගිය්ස් 31 වැනිදා අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් මේ වන විට පැය 72 දෙකකට වඩා වැඩි කාලයක් ගතවී ඇතට්ජ් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඇප ලබාදීමට මේ වන විට නිට්ටඹුව පොලිසිය අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

-දිවයින-

Related posts

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

colombotoday