Colombo Today Local News

ජීව උණ්ඩ සමග අමෙරිකානුවෙක් කටුනායකදී අත්අඩංගුවට

ඉන්දියාව බලායාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අමෙරිකානු ජාතික ගුවන් මගියෙක් ගුවන් හමුදා නිලධාරීන් විසින් ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර අමෙරිකානු ජාතික ගුවන් මගියා ඊයේ රාත්‍රී 8.25 ට චෙන්නායි බලායාමට පැමිණ ඇත්තේ කාන්තාවක්ද සමගිනි.

ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේදී පරීක්ෂා කිරීමේ යන්ත්‍රය හරහා ගමන් කිරීමේදී ඔහු සතුව ජීව උණ්ඩ තිබෙන බවට අනාවරණ වී තිබේ.

ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක් සහ මැගසීනයක් හමුවීමත් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත..

සැකකාර ගුවන් මගියා වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔහු සමග පැමිණි කාන්තාවට මෙරටින් පිටව යෑම සඳහා අවස්ථාව සලසා දීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

Related posts

බැඳුම්කර කොමිසම අවසන් අදියරේ.. ආරක්ෂාවට STF කැදවයි !

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday

හරවා යැවූ IOC බාල තෙල් නැව ත්‍රිකුණාමලයෙන් ගොඩ බෑමේ සූදානමක්.. රටේම වාහන අනතුරේ !

colombotoday

අගමැති ඉන්දියාවේ වන්දනාවකට යයි !

colombotoday

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

කෑගල්ල අධිකරණය දුන් නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න පොලිස්පති CIDයට දැනුම්දෙයි

colombotoday