Colombo Today Local News

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හමුවේ අද(14) දිනයේදීත් කලාප වශයෙන් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 15 ක් ද විදුලිය කපා හැරීමට නියමිතයි.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප 8 පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

අද දිනයේ පැය 07 ක විදුලි කප්පාදුවක් වන බව විදුලිබල මණ්ඩලය ඊයේ පස්වරුවේ නිවේදනය කළ ද කැලණිතිස්ස සහ සොජිට්ස් යන බලාගාර දෙකට ඉන්ධන ලබාදීමට රජය පොරොන්දුවීම හමුවේ විදුලිය කප්පාදු කරන කාලය අඩු කිරීමටයි පියවර ගැනීමට නියමිතව ඇත.

Related posts

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

colombotoday

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday