Colombo Today Local News

සෞදි විදේශ ඇමති ලංකාවට

සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

එතුමා සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇත.

ඔවුන් සෞදි අරාබියට අයත් විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර එම පිරිස අද සවස ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ආපසු පිටත්ව යාමට නියමිතය.

Related posts

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

colombotoday

කුඩ්ඩන්ට මත් කරල් දුන් පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි

Admin

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

colombotoday

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday