Colombo Today Local News

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර ඇත.

ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා ocol.consultations@gmail.com යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට තැපැල් මගින් 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකි බව එම කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කර සිටිති.

Related posts

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday

“ජාතික ආරක්ෂාව තර්ජණයකට ලක්වෙලාද දැන්ම කියන්න බෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

කිලිනොච්චිය හමුදා කඳවුර ඉදිරිපිට තිබු බෝම්බය ?

colombotoday

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

colombotoday

කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

colombotoday