Colombo Today Local News

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය ලැබෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත මෙම පොහොර තොගය බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් ද නිකුත් කරමින් සදහන් කරයි.

වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ ඊයේ (ජූනි 1) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදී උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මෙම වසර නිම වීමට පෙර අවසන් කර මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබා දිය හැකි බව ත් මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිම වීමට නියමිත බව ත් මෙහිදී අනාවරණය වී තිබේ.

එමෙන් ම විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේදී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.

යල කන්නයේ වගා කටයුතු සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විට වපුරා ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

colombotoday

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

Admin

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පරහදී කඳුළු ගෑස් උණ්ඩ 50ක් පැහැර ගත් සැකකරු අත්අඩංගුවට

colombotoday

නෝ(ර්)වුඩ් ප්‍රා. ස සභාපති අත්අඩංගුවට

colombotoday