Colombo Today Local News

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පරහදී කඳුළු ගෑස් උණ්ඩ 50ක් පැහැර ගත් සැකකරු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහරදී කඳුළු ගැස් වායු උණ්ඩ 50ක් පැහැර ගත් පුද්ගලයකු වැලිකඩ ඔබේසේකරපුර,නානයක්කාර මාවතේ දී වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පැහැර ගෙන තිබූ එම වායු උණ්ඩ තොගය බොරැල්ල ගෝතමී පාර සැකකරු තාවකාලිකව පදිංචිව සිටී නිවසේ සඟවා තිබී සොයාගෙන ඇත.

ඉකුත් 13 වෙනි දින රාත්‍රී වැලිකඩ පොලිස් වසමේ පොල්දූව මංසන්ධියේ පැවැති විරෝධතාවය පාලනය කිරීමට පොලිසිය සහ යුද්ධ හමුදාව එකතුව කටයුතු කළ අවස්ථාවේදී එම ස්ථානයට ත්‍රිරෝද රථයකින් කඳුළු වායු උණ්ඩ රැගෙන යමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනකුට පහර දී ඔවුන් භාරයේ තිබූ මෙම කඳුළු වායු උන්ඩ පැහැර ගෙන තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පෙදරේරු රැකියාවේ නියුතු අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව කාශ්‍යප පුර පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

Admin

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය වසරේ දී කෝටි 760 ක පාඩුවක්

colombotoday

කොරෝනා බවට තහවුරු වූ මිය ගිය පුතුගේ මෘත ශරීරයේ යළි PCR පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පියා අධිකරණයට යයි

colombotoday

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

colombotoday

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

colombotoday