Colombo Today Local News

මන්ත්‍රීවරුන්ට තර්ජනය කර, සමාජ මාධ්‍යයේ දැන්වීම් පල කරන්නන් ගැන CID විමර්ශන..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පලකරන බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.

එවැනි දැන්වීම් පලකරන පුද්ගලයින් හා ඒවා සකස් කරන, බෙදාහරින, සංසරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පොලිස් මූලස්ථානය මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related posts

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

දඹුල්ල නගරාධිපති නිල කැබි රථය බල්ලට වෙන් කරලාද?

colombotoday

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

නව අගමැති වැඩ භාර ගනී

colombotoday

“රට වටේ ඇති නිල නිවාස ප්‍රයෝජනයට ගන්නේ ගජ මිත්‍රයන්. ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ”

colombotoday

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

colombotoday