Colombo Today Local News

අද හෝ හෙට පෙට්‍රල් නෞකාවක් දිවයිනට – ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු තෙල් බෙදන්නේ නැහැ.

අද(18) හෝ හෙට(19)පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ.

මෙම සියලු ඉන්ධන නෞකා සදහා මුදල් ගෙවා අවසන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පැවසීය.

ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂය ඉක්මවා ඇති අතර එහි ලියාපදිංචිය අවසන් වනතුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදුවන්නේ නැහැ.

මේ අතර, වාහන වැඩි ප්‍රමාණයක් ධාවනය කරන ව්‍යාපාරික ආයතන සඳහා වාහන ලියාපදිංචි කිරීමට වෙනම ක්‍රමවේදයක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ට්විටර් සටහනක් තබමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ, මෙම ක්‍රමවේදය යටතේ සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංක සමග කිරීමට නියමිත බවයි.

එම ව්‍යාපාර ආයතන සඳහා අදාල සහනය ලබාදීමට ජාතික ඉන්ධන බලපත්‍රය ඉදිරි දින කිහිපය තුළ වැඩිදුයුණු කරන බවද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.

එහිදී අදාල වාහන සඳහා විශේෂ QR තේකයක්ද ලබාදෙන බව ට්විටර් පණිඩිවයේ සඳහන් ය.

මේ අතර, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ, සිපෙට්කෝ ඉන්ධන ප්‍රවාහනය අද දිනයෙත් සිදුනොවන අතර අයි.ඕ.සී සමාගමේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ටැකි රථ යොදවා ඇති බවයි.

Related posts

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

colombotoday

මහ වැස්සට කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක බිම් මහල යටවී පුද්ගලයෙකු මරුට.

colombotoday

මංගලගේ අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ජනපති නියමයෙන් ඉවතට ?

colombotoday

“ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.. කාටවත් අත තියන්න දෙන්නෑ” – ජනපති

colombotoday

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්. – ජාතික ගොවිජන එකමුතුව

colombotoday

නව ගාස්තු අය ක්‍රමයෙන් විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්..

Admin