Colombo Today Local News

මංගලගේ අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ජනපති නියමයෙන් ඉවතට ?

ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විද්වත් කමිටුවකට දන්වා ඇති බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 25 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පැවති සුහද හමුවකදීද මේ සම්බන්ධව අදහස් දක්වා ඇත.

එහිදී ඉන්ධන මිල සූත්‍රය ජනතාවට පීඩාකාරීව බලපා ඇති බවත් ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන ඉදිරිපත් වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර එළඹෙන අයවැයට පෙර ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් සිදුකිරීමට තමා අපේක්ෂා කරන බවද එහිදී සඳහන් කර ඇත.

Related posts

හැසිරීම අන්තිමයි.. මැතිවරණ කොමිෂමෙන් පළාත් පාලන නියෝජිතයින් ට රතු එළියක්

colombotoday

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

මිලියන 4ක මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

TNA පළුවක් ගැලවේ, විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්?

colombotoday

ලංකාවට හානියක් කිරිමට අභිප්‍රායක් තිබුණේ නෑ – ස්විස් තානාපති

colombotoday