Colombo Today Local News

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

කැබිනට් අනුකමිටුව ගෙන තිබෙන නිරීක්ෂණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර ගුරු විදුහල්පති සංගම් සමග සාකච්ඡාවක් කරන ලෙස ඊයේ (25)දින අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පවසයි.

කැබිනට් අනුකමිටුව වෘත්තීය සමිති සමග සකච්ඡා කළත් කුමන නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවාද කියා ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් නොදන්නා නිසා ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමට මෙම සකච්ඡාව ඉල්ලා සිටින බව ද ස්ටාලිං මහතා සදහන් කරයි.

නව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් මේ වන තෙක් එම අවස්ථාව ලැබී නැතැයි ද හෙතෙම පවසයි.

රජයන් කිහිපයක් සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට නොහැකි වී තිබෙන මෙම ගැටලූව සම්බන්ධයෙන් වත්මන් රජය විසඳුමක් ලබා දෙන තෙක් ගෙන තිබෙන වෘත්තීය කි‍්‍රයාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ස්ටාලිං මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති අසත්‍ය බව සීලරතන හිමියෝ පවසති

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

වාලම්පුරි 02 ක් විකිණීමට සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

ආගම්වාදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඔටුවා දිනවන්න. හිස්බුල්ලා ඉල්ලයි

colombotoday