Colombo Today Local News

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

පේදුරුතුඩුව මූනෙයි වෙරළ ප්‍රදේශයේ මාළු වාඩියක මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම ගින්න හටගෙන ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.

ගින්නෙන් මියගොස් ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් වේ.

ඔවුන් මාළු වාඩිය තුළ රැදී සිටිමින් රැකියාවේ නිරතව සිට ඇති බව පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇත.

පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කන්දකාඩුවලින් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

Admin

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

මඩ බළකාය හාන්සියි… ඇමරිකා පුරවැසි අහෝසියේ සියළු ලේඛණ ගෝඨා රට හමුවේ පෙන්වයි (Video)

colombotoday

භාණ්ඩ හයක මිළ පහතට !

colombotoday