Colombo Today Local News

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

හමුදා යථා යෝග්‍යකරණය යටතේ නන්දිකඩාල් වෙල්ලමුල්ලිවයික්කාල් කලපුව ප‍්‍රදේශයේ ස්ථානගතව සිටි පාබල හමුදා බළඇණිය ඉවත් කර දෙහිඅත්තකණ්ඩියේ ස්ථානගතව සිටි 3 වැනි කාන්තා බළඇණිය ස්ථානගත කර ඇත. මෙම කාන්තා බළඇණිය ස්ථානගත කර මාසයක් පමණ වේ.

යුද්ධයෙන් පසු කොටි හිතවාදීන් වැඩි වශයෙන් යුද සැමරුම් පැවැත්වූයේද මේ අවටය.

හමුදා සාමාජිකාවන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක රාජකාරි කළ යුතු වුවත් මෙහි දුෂ්කරතා රැසක් ඇත. ජල පහසුකම් සපයා ගැනීමේදී ද දුෂ්කරතා මතුව ඇත.

මෙම යථායෝග්‍යකරණය යටතේ ප‍්‍රදේශය පුරා විසිරී සිටි සෙබළුන් සීමිත කඳවුරු කිහිපයකට ගොනු කිරීම නිසා ප‍්‍රශ්න රැසක් උද්ගතව ඇත. මේ යථායෝග්‍යකරණයේ ප‍්‍රායෝගික භාවය ගැන ගැටලූ රැසක් පැන නැඟී ඇති බව හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එමෙන්ම නන්දිකඩාල් කලපුව අසලට කාන්තා බළඇණියක් ස්ථාපිත කිරීමෙන් ආරක්ෂාව තර වන්නේ දැයි බොහෝ දෙනා විමතිය පළකරති.

මේ යථා යෝග්‍යකරණය ප‍්‍රායෝගික නොවන බව හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද ප‍්‍රකාශ කර තිබිණි. ඒ නිසා මහත් ආන්දෝලනයක් ඇතිවිය.

චතුර පමුණුව  – දිවයින

Related posts

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි.

colombotoday

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වෙනවා”

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩිතැබීමට 2ක් සැක පිට අල්ලයි

colombotoday

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

Admin