Colombo Today Local News

ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩාවැටීමෙන් රියදුරු සුලු තුවාල ලබා බේරී ඇතැයි වාර්තා වේ.

නරුවිල්කුලම් වෙරල ආසන්නයේ පෞද්ගලික් කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉදිකරමින් ඇති සුලං විදුලි බලාගාරයට අයත් කුළුණු 6 ක් ඉදිකරමින් තිබූ අතර එහි එක් කුළුණක කොටසක් දොඹකරයක් මාර්ගයෙන් පසුගියදා ඔසවා සවිකිරීමට යාමේදී එකවරම සුළං විදුලි කුළුනේ කොටසක් දොඹකරයක් මතට කඩා වැටී ඇත.

එලෙස කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නැතත් කුළුණේ කොටසක් දොඹකරය මතට වැටුන අවස්ථාවේදී දොඹකරය හසුරවපු පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් ඔහු සුලු තුවාල පමණක් ලබා බේරී ඇති අතර දොඹකරයට බරපතල හානි සිදුව ඇත.

කෙසේ වෙතත් මේ වන විට සුලං විදුලි කුළුණේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මේ මස අවසානයේදී නැවත ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

Related posts

මූලික අවශ්‍යතා සපුරා ගන්න හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් දෙන්න

Admin

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් හෙට සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක්

colombotoday

හිටපු ඇමති මාළු අමුවෙන් කයි

colombotoday