Colombo Today Local News

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වෙනවා”

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි.

මේ අවස්ථාවේ විශ්වාසභංග ගෙනඒම නිෂ්ඵල දෙයක් බවත්, එය පරාජය වුවහොත් වත්මන් පාලනය තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවත් එම එකමුතුව සඳහන් කරයි.

නව ඇමති මණ්ඩලයක් පත්කර පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳාගැනීමෙන් පසු මැතිවරණයකට ගොස් නව නායකත්වයක් තෝරාගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දිය හැකි බව ද එම එකමුතුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව මගින් බොරැල්ල එම්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී අද (11)දින පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ජූනි මස 05 සහ 06 දිවයිනේ සියළු සුරාසැල් වැසේ

colombotoday

4 වැනිදා දියවන්නාවේ ආරක්ෂාව තරකෙරේ.. STF,කැරළි මර්ධනය කැදවයි.. මැති-ඇමතිලාත් සෝදිසි කරයි

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Admin

“අන්තර්ජාලයේ ‘බයි-ටොයි‘ සටනත් ‘දුටුගැමුණු-එළාර‘ සටන වගේ“ – බුද්ධික පතිරණ

colombotoday

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin