Colombo Today Local News

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

හයිලෙවල් මාර්ගයේ, විජයරාම මංසන්ධියේදී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙක් සහ තරුණියක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදිය ලංගම බස් රථයක් පසුකර යාමට තැත් කිරීමේදී යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුර ඊයේ පස්වරුවේ සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි හා 22 හැවිරිදි මතුගම හා වැලිමඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සිව් හෙළේ මහා සමුළුව ඇරඹීමට සියල්ල සූදානම්

colombotoday

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීමට අලි සබ්රි නිව්යෝර්ක් නුවරට..

colombotoday

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

colombotoday

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday