Colombo Today Local News

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

දේවදත්තට මහණ වෙන්න පුළුවන් වූයේ නම් කරුණා අම්මාන්ටද තමන් ඉතිහාසයෙන් ගැලවී ඊට වෙනස් වර්තමානයකට ඒමට හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

කරුණා අම්මාන් කොට් ත‍්‍රස්තවාදියෙක් කාලයේ සතපහකට මායිම් නොකළ බවත් කොටින්ගෙන් මිදී වෙන් වී පැමිණ බෙදුම්වාදය හා ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කර න ලද කරුණාඅම්මාන් පිළිගන්නා බවද ඔහු පැවසීය.

කරුණා අම්මාන්ට පමණක් නොව තුවක්කු කරේ තබාගෙන වාද්දුව රේල් පාරේ යමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්වූ ටිල්වින් සිල්වාටද මෙය පොදු යයිද ඔහු සඳහන් කළේය.

තමන් විසින් හමුදා සෙබළුන් ඝාතනය කළ බවට කරුණා අම්මාන් විසින් අම්පාරේදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

Related posts

මා ගෙදර යන්නේ සියලුම දූෂිත දේශපාලකයන් හිරේ දමා, ඔවුන් අවීචි මහා නරකාදියට ගිය දාටයි – ජනපති

colombotoday

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කවුරු විරුද්ධවුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා, ඒක ස්ථීරයි – රංගේ

colombotoday

“ශ්‍රී ලංකන් යානා හතරක් විකුණනවා.. එකක් දැනටමත් විකුණලා ඉවරයි” – නියෝජ්‍ය ඇමති එරාන්

colombotoday

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

colombotoday

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

colombotoday