Colombo Today Local Newsextremism & terrorism activities

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

මේ දැක්වෙන්නේ සති අන්ත පුවත්පතක පලවූ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ ප්‍රධාන පාරක දර්ශනයකි.

ශ්‍රී ලංකාවේ මාර්ග නීති වලට අනුව යතුරු පැදි ධාවනයේදී ආරක්ෂිත හිස්වැසුම් ‘හෙල්මට්‘ පැළදීම අනිවාර්ය වේ. දෙනෝදාහක් යනෙන ප්‍රධාන මාර්ගයක මංසන්ධියකදී යතුරුපැදිකරුවන් මාර්ග නීතිය උල්ලංඝනය කරමින් හිස්වැසුම් රහිතව ධාවනයේ යෙද්දී එහි සිටින රථවාහන අංශයේ පොලිස් නිලධාරීයා නොදැක්කා සේ රාජකාරියේ යෙදී සිටී.

මෙය කාත්තන්කුඩියට පමණක් අදාල සිදුවීමක් නොව, නැගෙනහිර පළාතේ සහ මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන දිවයිනේ වෙනත් ප්‍රදේශවලද බොහෝ විට දක්නට ලැබෙන සිදුවීමකි. නැගෙනහිර පළාතේ හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන් අවස්ථා කිහිපයකදී පහරකෑම්වලට ලක්වුණු බවද මීට පෙර වාර්තා විය.

කාත්තන්කුඩිය, එරාවූර් ඇතුළු නැගෙනහිර පළාතේ තදාසන්න ප්‍රදේශවල ඇතැම් අන්තවාදී කණ්ඩායම් රටේ පවතින සිවිල් නීතිය නොසලකා හැර නීතියට අභියෝග කරමින්, හිතුමතයේ තම ආගමික නීති රීති ක්‍රියාත්මක කිරීමට උත්සහා කරන්නේ යැයි කලක් තිස්සේ කතා බහට ලක්විණි. එම ප්‍රදේශවල සිවිල් වැසියන්ද මෙම තත්ත්වයට හුරුවෙමින් පවතින අතර නීති කඩ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙන බවද පැවසේ. බොහෝ සිදුවීම්වලට නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී පොලීසිය සමග ගැටුම් ඇතිකරගැනීමේ සිදුවීම් නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම අන්තවාදී කුළුගැන්වීම පිටුපස මුස්ලිම් දේශපාලකයන්ද සිටින බව නොරහසකි.

විනයගරුක සාමකාමී සමාජයක් උදෙසා පුරවැසියන් අනුගමනය කළ යුතු පහළම මට්ටමේ නීතිරීති පවා එක් ජනවර්ගයකට, එක් ජාතිකයට, එක් ප්‍රදේශයකට අදාලව මෙලෙස ක්‍රියාත්මක නොවේනම් ‘රටේ සැමට එක නීතියක්‘ යැයි බලධාරීන් පුන පුනා කරන ප්‍රකාශ ‘පුස්සක්ම‘ වන බව පෙනී යයි. රට තුළ ගොඩනැගෙනමින් පවතින ආගමික අසහනකාරී වාතාවරණයට වගකිව යුතු අංක එකේ හේතුව වී තිබෙන්නේද මෙලෙස ‘නීතිය සැමට එක ලෙස‘ ක්‍රියාත්මක නොවීමම වේ.

Related posts

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday

මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316ක්

Admin

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

colombotoday

සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණ ඇමතිණියගෙන් ඉල්ලයි !

colombotoday