Colombo Today Local News

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (12) රාත්‍රියේ හදිසියේ අසනීප වී ඇති ඒ මහතා නිවසේ දී ම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

විනී කාරියවසම් මහතාගේ දේහය මේ වනවිට අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ ඉදිරිපිට නිවසේ තැන්පත් කර තිබේ.

ඒ මහතාගේ අවසන් කටයුතු 15 වන සෙනසුරාදා හික්කඩුව හෙන්නාතොට විද්‍යාවර්ධන විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට නියමිතය.

මියයන විට 81 වන වියේ පසුවු විනී කාරියවසම් මහතා, දොඩන්දුව ගම්සභාවෙන් දේශපාලනය ආරම්භකර 2006 වසරේ සිට මේ දක්වා හික්කඩුව නගරාධිපති ලෙස ජනතාවට සේවය කර ඇත.

හික්කඩුව ප්‍රාදේශීය සභාව නගර සභාවක් බවට පත්කිරීමට විනී කාරියවසම් මහතා විශාල මෙහෙවරක් සිදුකර තිබේ.

Related posts

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

colombotoday

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

කාන්තාවන්ට මැරපාට් දැමූ අයෙක් හතරහන්දී කඩන් රෝහලෙන් නතරවෙයි

colombotoday

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday